Thursday, April 23, 2026
Follow Us
ජල බිල්පත ගැන වාසුගෙන් සහතිකයක්

ජල ගාස්තු වැඩි කිරීමේ සූදානමක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍ය පාරිභෝගකයින්ගේ ගාස්තු වැඩි නොකර වෙනත් ක්‍රම මඟින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

(Neth)