Saturday, February 21, 2026
Follow Us
කාබනික පළිබෝධ නාශක වර්ග 70 ක් ආනයනයට අවසරදීම සඳහා රජයේ අවධානය

කාබනික පළිබෝධ නාශක ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මේ වන විට සමාගම් 20 ක් කාබනික වල් නාශක සහ කෘමි නාශක වර්ග 70 ක් මෙරටට ගෙන්වීම සඳහා අවසර ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මෙරටට ගෙන්වීම සඳහා අවසර ඉල්ලා ඇති කාබනික පළිබෝධ නාශකවල සාම්පල් මේ වන විට ලැබී ඇති බවත්, ඒවා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු අදාළ අනුමැතිය ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.

(Neth)