Saturday, February 21, 2026
Follow Us
විදේශ අමාත්‍යංශයේ සියලු අංශ එක ගොඩනැගිල්ලකට ගෙනියන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදේශ අමාත්‍යංශයේ සියලු අංශ එකම ගොඩනැලිල්ලකට ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, දැනට එම අමාත්‍යංශය පවත්වාගෙන යනු ලබන ජනරජ ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

ඒ අනුව විදේශ අමාත්‍යංශය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට දැනට කාර්මික තාක්ෂණ ආයතනය විසින් භාවිත කරනු ලබන නාගරික සංවර්ධන අධිකාරිය සතු විද්‍යා මාවතේ පිහිටි ඉඩමෙන් කොටසක් වෙන් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

(Neth)