Saturday, February 21, 2026
Follow Us
ආනයනික ලොකු ළූණු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් !

ආනයනික ලොකු ළූණු සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40ක් බැගින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොලට පැමිණෙමින් ඇති බැවින් ලොකු ළූණු ගොවීන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් යුතුව මෙම බද්ද පැනවීමට කටයුතු කර ඇති බව සඳහන්.

දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ළූණු අස්වනු නෙළීම ආරම්භ වී ඇති හෙයින් ආනයනික ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

(LNW)