Saturday, February 21, 2026
Follow Us
රු. 2000 දීමනාව නොලැබුණු අයට වැදගත් පණිවිඩයක්

රු. 2000 දීමනාව ලබාගන්න අභියාචනයක් දාන්න


ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.

ආදායම් අහිමි වූ එහෙත් මෙතෙක් රුපියල් 2,000 දීමනාව ලැබී නොමැති අයෙකු වේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ලබාදෙන්නැයි, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ජනතාවට දැනුම් දෙයි.

අදාළ අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදිය හැකි බව එම බළකාය සඳහන් කර සිටියේය.

(Aruna)