ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ දත්ත විශාල ප්‍රමාණයක් මැකී යාමේ සිද්ධිය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරගැනීමට තරම් දෙයක් නොවන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
"මෙය අත්වැරදීමකින් සිදුවුණ දෙයක්ද එහෙම නැත්නම් හිතාමතා සිදුකළ දෙයක්ද කියන කාරණය අපි හිතනවා තව සතියකින් හමාරකින් හෙළිදරව් වෙයි කියලා. මේ අප්ලෝඩ් කරලා තියෙන්නෙ ඇත්තටම විවිධ ඖෂධ ආනයනය කරන සමාගම් තමන්ගෙ ඖෂධ ලියාපදිංචියට අදාළ වෙන මුල් පිටපත්වල ස්කෑන් කරපු පිටපත් තමයි මේ විදියට අප්ලෝඩ් කරලා තියෙන්නෙ. හැබැයි ඒ මුල් පිටපත් අදාළ සමාගම් සතුව තියෙනවා.
අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කරගන්න තරම් දෙයක් මෙතන නැහැ. විශේෂයෙන් අප දැක්කා මේ කොරෝනා මර්දනයට ඕනෙ වෙන ඇන්ටිජන්, ඒ එක්කම පීසීආර් කට්ටල, ඖෂධවල දත්ත මෙහෙම මකලා තියෙන්නෙ කියලා කියනවා, ඇත්තටම කොරෝනා මර්දනයට අදාළ වෙන ඖෂධයක, උපකරණයක හෝ පරීක්ෂණ කට්ටලයක දත්ත මේ මැකිලා ගිය දත්ත ගබඩාවෙ තිබුණෙ නැහැ"
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)