රජය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ වසරේ ඉතිරි කාලය තුළ සියලුම අමාත්‍යාංශවල වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සියලුම අමාත්‍යාංශවල කපා දැමිය හැකි වියදම් සහ ඒ මගින් ඉතිරි කිරීමට හැකි මුදල් ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.
සැප්තැම්බර් 15 වනදාට පෙර මෙම වාර්තා මහා භාණ්ඩාගාරය වෙත යොමුකරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සියලුම අමාත්‍යාංශවලට දැනුම් දී ඇත්තේ.
කොවිඩ් වසංගත තත්වය හමුවේ අපේක්ෂිත ආදායම් පහත වැටීම හේතුවෙන් ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය සමනය කරගැනීම සඳහා මෙසේ වියදම් කප්පාදු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
(LNW)