ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය, වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට මෙරටට සේලයින් ආනයනය කිරීම නතර කරන බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නෙත් නිව්ස් වෙත පැවසුවේ.
ප්‍රථම අදියර ලෙස මිලියන දෙකයි දශම 1ක සේලයින් බෝතල් ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශව වෙත භාරදුන් බවද ඔහු ප්‍රකාශ කළා.
මෙහි දෙවන පියවර වශයෙන් ඉදිරියේදි සේලයින් බෝතල් මිලියන 25ක් අපනයනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළා.
ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දීම පිළිබද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ අවලාද, මඩ ප්‍රචාර, ගැරහුම් මධ්‍යයේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ අභියෝගය අප ජයගනිමින් සිටින බවයි.
රාජ්‍ය ඔෂධ නිෂ්පාදන සංස්ථාවේ SPMC ලේබලයෙන් පාරිභෝගිකයා අතට පත්වන්නේ උසස්ම ඖෂධ පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.
(Neth)