Saturday, February 21, 2026
Follow Us
අභ්‍යන්තර ආරක්ෂාව ගැන පොලිසිය සීරුවෙන්

මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්


කොවිඩ් වසංගතය මර්දන කටයුතු මෙන්ම සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ​ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර දැනුම් දී ඇත.

එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන නිසා එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ නමුත් අයි.එස්.අයි.එස්. යනු සංවිධානයක් නොව මතවාදයක් වන බැවින් එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බව අමාත්‍යවරයා මෙහි දී ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ.

(Aruna)