කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපේ රටේ තිබෙන කුණු ප්‍රමාණය හොඳටම ඇති බවත් කාබනික පොහොර ජාවාරම් බිහිවී ඇති හෙයින් පොහොර නිෂ්පාදනයේදී ඒවායේ ප්‍රමිතිය නිසි පරිදි පවත්වාගෙන යෑම ප්‍රධානතම අභියෝගය වී ඇති බවත් කාබනික පොහොර අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
"දැන් කොම්පෝස්ට් කියන්නෙ කුණු නේ කොහේ හරි රටක තියෙන. අපේ රටේ තියෙන කුණු ටික හොඳටම ඇති. හරියට ප්‍රමිතිගතව හදාගත්තොත් අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයත් ඇති. දැන් සමහර වෙලාවට මේක ජාවාරමක් ලෙස පොහොර හදනවා, පොහොර හදනවා කියලා මේ අමුද්‍රව්‍ය ටිකත් විනාශ කරනවා.
මම එක්තරා ප්‍රදේශයක - නම් ගම් කියන්න බෑ - ගියා, ගිහිල්ලා පොහොර හදන අංගනයක් බලන්න ගියා. ඉතිං එක පැත්තක මේ පොහොර ටික හදන එක අර කරකවන මේකක් දාලා කරකවලා කරකවලා හළනවා. පෙනේරයකින් හළනවා. සම්පූර්ණ වැටෙන්නෙ කළු ගලුයි තිරිවාණා ගලුයි. කවදාවත් ප්‍රමිතිගත කොම්පෝස්ට් පොහොර එකක කළුගල් තිරිවාණා ගල් තියෙන්න බෑ. ඒ කියන්නෙ මේ පස් ටිකක් කවලම් කරලා. ඔන්න ඕක තමයි අපට ඊළඟ තියෙන ලොකුම අභියෝගය.
එනිසා තමයි පොහොර සංස්ථා දෙක හරහා අපි බලාපොරොත්තු වෙන්නෙ මේක ප්‍රමිතියකට නිෂ්පාදනය කරවන්න. අපි දන්නවා කවුද හදන්නෙ කියලා. ඒ හරහා පමණයි ගොවියාට පොහොර ටික අපි ලබාදෙන්නෙ. අස්වැන්න අඩුවෙනවාද අස්වැන්න වැඩිවෙනවාද අපි දැඩි අධීක්ෂණයක් කරනවා. ඒක ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා අපි කරනවා. ඒවගේම රජයේ අනෙකුත් සියලුම වැවිලි කර්මාන්තයට සම්බන්ධ ආයතනවලිනුත් මේ අධීක්ෂණය කරනවා. මොකද මුළු රටක් හැටියට මේකට යන පළමු අවස්ථාව නිසා. ඊළඟ යල කන්නයේ ඉඳලා ගැටළුවක් එනවා නම් ඒකටත් විසඳුම් දෙන්න බලාපොරොත්තුව ඇතිව"
අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)