Saturday, February 21, 2026
Follow Us
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ වුවමනාවක් නෑ, අපට පැහැර නොහැර ණය ගෙවන්න පුළුවන් - කබ්‍රාල්

රටේ ණය වාරික ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේදී උද්ගතව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

"මම මාධ්‍ය වාර්තා කීපයක්ම දැක්කා ශ්‍රී ලංකාවේ ණය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සිදුව ඇති බව සඳහන් කරලා තියෙන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ ගෞරවයක් තියෙනවා, අතීතයේ අපි ඔවුන් එක්ක වැඩකරලාත් තියෙනවා, නමුත් මේ අවස්ථාවේදී අපට අවශ්‍යතාවයක් නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න.

අපි අපේ ආර්ථික අවශ්‍යතා හඳුනාගෙන තිබෙනවා. අපගේ ආනයනකරුවන්, අපනයනකරුවන්, ණය ලබා දෙන්නන්, ණය ලබාගන්නන්, බැංකු ක්ෂේත්‍රය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා අනුව අප ක්‍රියාත්මක කරලා තියෙන ව්‍යාපෘතිත් එක්ක නුදුරු අනාගතයේදී පැහැර හැරීමකින් තොරව ණය වාරික ගෙවීමේ හැකියාව අපට තියෙනවා"

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

(LNW)