Saturday, February 21, 2026
Follow Us
2022 අය-වැය: බැසිල් වේලාසනම වැඩ අරඹයි !

රටේ ආර්ථික කටයුතු සහ ඊට අදාල ජාත්‍යන්තර අවස්ථාවන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් 43 දෙනාගෙන් 35 දෙනෙක්ම මේ වනවිටත් මුදල් ඇමතිවරයා හමු වී ඉදිරි ආර්ථික මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කර අවසන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සෙසු තානාපති නියෝජිතයන්ද ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2022 අයවැය ලේඛනය සකස් කිරීමට අදාල යෝජනා ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡා පවත්වා අවසන් බවද වාර්තා වේ.

ආණ්ඩුවට සම්බන්ධ සියලු සහෝදර පක්ෂ සමග මුල් අවස්ථාවේදීම මුදල් ඇමතිවරයා අයවැය පිළිබඳ සාකච්ඡා කර තිබිණි. එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සහ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ද හමු වී ඇත.

ලබන සතියේ සිට සියලු පළාත් පාලන නියෝජිතයන් ප්‍රමුඛ ග්‍රාමීය නියෝජිතයන් සමගද අයවැය යෝජනා සඳහා වූ සාකච්ඡා මාලාවක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් පැවැත්වීමටද සැළසුම් කර තිබේ.

(LNW)