Saturday, February 21, 2026
Follow Us
බන්ධනාගාර ආයතන 09 ක සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට සැරසෙයි

ලබන සැප්තැම්බර් මස 17 වෙනි දින බන්ධනාගාර ආයතන 09 ක සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

බන්ධනාගාර ගත වන රැඳවියන් යහපත් පුරුවැසියන් බවට පත් කර නැවත සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂී වැඩසටහනක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව බන්ධනාගාර තුල යහපත් ලෙස තම සිර දඬුවම ගතකරනු ලබන දීර්ඝ කාලීන සිරකරුවන් සඳහා බලපත්‍ර මත මුදාහැරීම මේ යටතේ සිදුවනු ඇති.

අපරාධ වැලැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තියෙන් විෂයභාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස සිරකරුවන් මුදාහැරීම සිදුකරනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම ක්‍රියාවලිය නැවත සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

(Neth)