Saturday, February 21, 2026
Follow Us
සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කෙරේ

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කළ අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වශයෙනුත් පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වශයෙනුත් නියම කර තිබේ. පැකට් නොකළ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වශයෙනුත් පැකට් කළ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 කි.

සහල් සම්බන්ධ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක් වශයෙන් ද සුදු හෝ රතු සම්බා සහල් කිලෝවක් 103ක් වශයෙන් ද වාෂ්පයෙන් තැම්බූ සුදු හෝ රතු නාඩු කිලෝවක් 98ක් වශයෙන් සහ සුදු හෝ රතු කැකූළු සහල් කිලෝවක් රුපියල් 95ක් වශයෙන් උපරිම සිල්ලර මිල නියම කර ඇත.

(LNW)