Saturday, February 21, 2026
Follow Us
අවුරුදු 18 - 30 කාණ්ඩයත් එන්නත් කිරීම ඇරඹේ

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. වයස අවුරුදු 18 -30 අතර එන්නත්කරණය සඳහා වන තරුණ තරුණියන් සංඛ්‍යාව මිලියන 3.7 ක් පමණ වනවා. ඔවුන් කඩිනමින් එන්නත්කරණ ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශ්වාසය පළ කළේ.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු ඉදිරි ප්‍රවාහන සැලසුම් තීරණය කිරීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කරන පිරිස් තවදුරටත් දැකගත හැකි බවයි.

(NEth)