Saturday, February 21, 2026
Follow Us
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටින පිරිස අසූ එක් ලක්ෂය ඉක්මවයි

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන අසූ එක් ලක්ෂ 69,232 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ පුද්ගලයින් එක් කෝටි විසි හතර ලක්ෂ 64,949 දෙනෙකුට මෙරට භාවිත කරන කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව මේ වන විට ලබාදී ඇති බවයි.

ඊයේ දිනයේදී පුද්ගලයින් හාර ලක්ෂ 42,237 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන හැට තුන් ලක්ෂ 96,905 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

ඊයේ දිනයේදී ලබාදී ඇති සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රා ගණන 41,166 ක් වන අතර එම එන්නත් මාත්‍රාව මේ දක්වා ලබාදී ඇති සමස්ත පුද්ගලයින් ගණන අනූ අට ලක්ෂ 45,634 ක්. මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දිනයේදී පුද්ගලයින් 21,405 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන හය ලක්ෂ 74,382 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයින් දහතුන් ලක්ෂ 86,168 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් අට ලක්ෂ 85,617 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ දක්වා කාලය තුළ ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන එක්ලක්ෂ 59,088 ක්.

එම එන්නතේ දෙවන මාත්‍රාව 25,489 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

ෆයසිර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 6,403 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රාව එක් ලක්ෂ 86,839 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රොf්ග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)