Saturday, February 21, 2026
Follow Us
විදේශ රැකියා සඳහා යන පුද්ගලයින්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය වෙයි

කුමන හෝ ක්ෂේත්‍රයක විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසුවේ කොවිඩ් එන්නත් ලබාදීම සඳහා සිය ආයතනයේ ලියාපදිංචිවී සිටීම අනිවාර්ය සාධකයක් සේ සලකන බවයි.

නෞකාවල සේවයට එක්වන පුද්ගලයින්, විදෙස් සමාගම් සමඟ ගිවිසුම්ගතව හෝ කොන්ත්‍රාත් පදනම මත විදෙස් රැකියා සඳහා යොමුවන ඇතැම් පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවන අවස්ථා දක්නට ලැබෙනවා.

එවැනි පුද්ගලයින්ද කොවිඩ් එන්නත් ලබා ගැනීමට යොමුවීමේදී සිය ආයතනයේ ලියාපදිංචිවී සිටීම අනිවාර්ය වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)