Saturday, February 21, 2026
Follow Us
ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කළ යුතුයි

විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිනවා


දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පැවසුවේ එය තමන්ගේ පෞද්ගලික මතය බවයි.

කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බවද වෛද්‍යවරිය පැවසීය.

(Aruna)