සිය වැටුප් ගැටළු සම්බන්ධයෙන් අවසන් විසඳුමකට පැමිණීම සඳහා ඒකාබද්ධ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ගුරු විදුහල්පති සංගම් ජනාධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ගුරු විදුහල්පති වැටුප් විශමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.
එහෙත් ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සුබෝදනී කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශවලින් කොටසක් පමණක් ක්‍රියාත්මක කිරීමට බවයි.
සුබෝදනී කමිටු වාර්තාවේ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති සංගම් ඊයේ ප්‍රකාශ කළා.
(Neth)