Saturday, February 21, 2026
Follow Us
විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සියල්ලන්ටම රක්ෂණයක්

රාජ්‍ය සේවකයන් සියල්ලන්ටම ලැබෙන දෙයක්


විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ ඊයේ (31 වැනිදා) පැවැසුවේය.

දැනට එම ප්‍රතිලාභ හිමි වන්නේ 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අය සඳහා බව කී ඇමැතිවරයා ඔවුන්ට වයස අවුරුදු හැත්තෑව වන තෙක් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා දෙන බවද කීය.

දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයන්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

(Aruna)