අනුරාධපුර ප්‍රදේශයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජන ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදුකළේය.
"මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුත්තක් සඳහා වැඩියෙන්ම ඩොලර් පාවිච්චි කරලා කරන ව්‍යාපෘතිය හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ කාලෙ එම්.සී.සී. ගිවිසුම සඳහා ඩොලර් මිලියන 400ක් ගේනවා, ඒක ලංකාවට ලොකූ දෙයක් කියලා ප්‍රකාශ කළා. ඒ අනුව බලපුවාම ඒ වගේ දෙගුණයක් මෙතන ලැබෙන්නෙ.
සෘජු රැකියා 4000ක් ජනතාවට මේ ව්‍යාපෘතියෙන් ලැබෙනවා. අවුරුදු 30කට අපි රජයෙන් ඉඩම් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි බද්දට දෙන්නෙ ඉඩම් අක්කර 66ක් වගේ. ඉතුරු සියලුම ඉඩම් පෞද්ගලික, දීමනා පත්‍ර, ඒ වගේම දැනට අනවසරයෙන් රජයේ ඉඩම් පාවිච්චි කරන ගොවි ජනතාවට අපි රජය හැටියට බදුදීලා ඒ සමාගමට බැඳිලා කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන්නත් අපි ලෑස්තිවෙලා ඉන්නවා.
මේකෙ වෙළඳපොල තියෙන්නෙ ඇමරිකාවෙ. මේ මුදල වියදම් කරන ආයෝජකයා, ව්‍යාපාරිකයා අනුරාධපුර දිස්ත්‍රික්කෙම රාජාංගනේ පදිංචි පුද්ගලයෙක්. මැණික් ව්‍යාපාරිකයෙක් හැටියට ඉතාම කුඩා තැනක ඉඳන් ව්‍යාපාරික කටයුතුවලින් දියුණු වෙච්ච පුද්ගලයෙක්. එතුමාගේ ඇමරිකාවෙ පවා ව්‍යාපාර තියෙනවා"
ප්‍රශ්නය - රාජාංගනේ ඔය කර්මාන්තශාලාව හදන ඉඩමට වනජීවී එකෙන් නඩු පැවරීමක් කරලා තියෙනවා නේද ?
"නෑ, නෑ, නෑ. වනජීවී එකවත් වන සංරක්ෂණේවත් නඩු පවරපු ඒවාවත්, ප්‍රේරණ කලාපයවත්, විල්පත්තුවවත් ගෑවෙන්නෙ නැතිව තමයි මේ තීන්දුව අරන් තියෙන්නෙ"
ප්‍රශ්නය - දැන් මේ ඉඩම් බහුජාතික සමාගම්වලට නෙවෙයිද යන්නෙ ?
"කාටද ? සමාගමකට යන්නෑ ඉඩම්. ඉඩම් අයිතිය තියෙනවා. කෝමාරිකා පැළ ටික විතරයි බහුජාතික සමාගමට අයිති වෙන්නෙ. සමාගමට අඟලක්වත් දෙන්නෙ නෑ"
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)