Saturday, February 21, 2026
Follow Us
ප්ලාස්ටික් පොලිතීන් ආශ්‍රිත තවත් නිෂ්පාදන 07 ක් තහනම්

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත තවත් නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ යටතේ වරක් භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික් බීම බට, හැඳි, ගෑරුප්පු, පිහි, කෝප්ප, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම තහනම් වේ. මීට අමතරව ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කණ කෘත්‍රිම තෘණ ඇතිරිලි, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා තහනම් වන අතර හඳුන් කූරු පහන් තිර ඇසුරුම් කිරීම සඳහා ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයද තහනම් වේ.

මීට අමතරව ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත ග්‍රොසරි බෑග් හා ෂොපින් කවරද මෙම කැබිනට් පත්‍රිකාව හරහා තහනම් කරන බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ.

සැෂේ පැකට් ඇතුළු වරක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05 ක් පසුගිය මාර්තු 31 වැනිදා සිට තහනම් කළ අතර දිරා නොයන ලන්ච් ෂීට් නිෂ්පාදනය හා අලෙවි කිරීම අගෝස්තු 01 වැනිදා සිට තහනම් වේ.

(LNW)