Saturday, February 21, 2026
Follow Us
ඊයේ සිදු වූ කොරෝනා මරණ 212න් වැඩි පිරිසක් වයස 60ට වැඩි අය - යුද හමුදාපති

මෙරටින් තවත් කොරෝනා මරණ 212 ක් ඊයේ වාර්තා වුණා.

එම මරණ ඉකුත් 27 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

එම මරණ 212 න් 173 දෙනෙකුම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 4,596 දෙදෙනෙකු වාර්තා වූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකු වන මොහොමඩ් නියාස් නවුෆර් නොහොත් “පොට්ට නවුෆර්” කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් දා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

(Neth)