Saturday, February 21, 2026
Follow Us
ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාව වෙත පවරා තිබෙනවා.

මීට ඉහතදී ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබාදී තිබුණා.

එලෙස එන්නත ලබාදී ඇති පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛණවලටද ඇතුළත් කර නොමැති බවයි නෙත් නිවුස් ඊයේ උදෑසන අනාවරණ කළේ.

සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ පුත්තලම දිස්ත්‍රික්කයේ ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට එම එන්නත ලබාදී තිබුණා.

මින් ඉදිරියට ෆයිසර් එන්නත යුද හමුදාවේ මූලිකත්වයෙන් අදාළ පුද්ගලයන්ට ලබාදෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එම එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකු ෆයිසර් එන්නත ලබානොදෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ ද කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් ලක්‍ෂයක් දිවයිනට හිමි වුණා.

(Neth)