Saturday, February 21, 2026
Follow Us
වයස අවුරුදු 60 ඉක්මවූ මෙරට සියලු පුද්ගලයන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු සොයයි

වයස අවුරුදු 60 ඉක්මවූ මෙරට සියලු පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දිස්ත්‍රික්ක මට්ටමින් එම තොරතුරු ලබාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාකවකදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

මෙරට සිදුවන කොරෝනා මරණ ගණන අඩු කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්යෙන් එහිදී සාකච්ඡා කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ.

එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන්ද මෙහිදී සෞඛ්‍ය අමාතවරයා දැනුවත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියාසිටියේ.

(Neth)