Saturday, February 21, 2026
Follow Us
තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ - රජයේ ඇමතිවරයෙකු කියයි

තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. රටේ ජනගහණයෙන් හරි අඩකට මෙම අගුලු දැමීමෙන් ඇති වන විපාක වලට මුහුණ දිය නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මෙම අගුලු දැමීම හේතුවෙන් සුළු සහ මාධ්‍ය පරිමාණ කේෂ්ත්‍රයේ සිටින ලක්ෂ 45කට මෙයින් ඇතිවන පිඩාව තවදුරටත් දරාගැනීමට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත්වෙන අතර දිගුකාලින ආර්ථිකය හානිය දැවැන්ත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් දැඩි සෞඛ්‍ය රීති ක්‍රියාත්මක කරනවාත් සමගම රට විවෘත තිබිය යුතු බවත් රාජකාරි, ව්‍යාපාරික සහ අනෙකුත් කටයුතු අඛණ්ඩව සිදුවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

(Neth)