Saturday, February 21, 2026
Follow Us
රුපියල් දෙදහසේ දීමනාව ලැබෙන්නේ මෙහෙමයි

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්


කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000/= දීමනාව මේ වනවිට පවුල් පන්ලක්ෂ 75, 520ක් සදහා ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

පසුගිය 23 දින සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පළමු අදියර සඳහා මෙම දීමනාව ගෙවීම ආරම්භ කළා.

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මුළු පවුල් 20 ලක්ෂ 38, 530ක් මෙම දීමනාව සඳහා තෝරා ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3 ලක්ෂ 76, 531ක්, ගම්පහ 3 ලක්ෂ 45, 847ක්, කළුතර 55, 425ක්, මහනුවර 1 ලක්ෂ 37, 475 ක්, කුරුණෑගල එක් ලක්ෂ 7677 ක්, රත්නපුර එක් ලක්ෂ 7291 ක් , ගාල්ල දිස්ත්‍රික්කයේ 38, 269ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 66, 476ක් ජීවනෝපාය අහිමි වූ පවුල් තෝරාගෙන ඇති බව සඳහන්.

මෙම දීමනාව ලබාදීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

(Aruna)