තමතමන්ට හැකි ආකාරයෙන් තමන්ට ළඟම පිහිටි රෝහලට ආධාර කරන ලෙස කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
"රටේ ඉන්න ජනතාවටත් ඒ වගේම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ටත් තමන්ගෙ රටට ඔබ සියලු දෙනාගේම සහාය අවශ්‍ය මොහොතක්. ඒ නිසා සියලු දෙනාම තමතමන්ට හැකි පමණින් ළඟම තියෙන රෝහලට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබාදෙන්න.
මොකද විශාල රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට ඇතුළු වෙනවා. තවත් රෝගීන් සංඛ්‍යාවක් නිවසේ ඉඳගෙන ඒ කෝවිඩ් සත්කාරක සේවාව හරහා අවශ්‍ය කරන උපදෙස් ලබාගන්නවා. ඉතිං මේක ඉතාමත්ම සේවාව අවශ්‍ය මොහොතක්. අපි ආරාධනා කරනවා තමන්ට හැකි පමණින්, තමන්ට පුළුවන් ආකාරයෙන් ළඟම ඇති රෝහලට සහයෝගය දෙන්න කියලා"
කොවිඩ් පාලන අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිස්තියානි ධර්මදාන සංගමය විසින් ඊයේ (27) පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් බාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
(LNW)