Saturday, February 21, 2026
Follow Us
සීනි මිල පාලනය මේ මොහොතේ අසීරු කටයුත්තක් - අමාත්‍ය බන්දුල

දිනෙන් දින ඉහළ යන සීනි මිල පාලනය මේ මොහොතේ අසීරු කටයුත්තක් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.

අමාත්‍යවරයා එසේ පැවසුව ද ඉකුත් සමයේ ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01 ක් මත පනවා තිබූ රුපියල් 50 ක බද්ද ශත 25 ක් දක්වා අඩු කළ අවස්ථාවේ ආනයනකරුවන් සීනි තොග විශාල වශයෙන් මෙරටට ගෙනවිත් තිබුණා.

ඒ, රට තුළ සීනි මෙටි්‍රක් ටොන් 90,000 ක් පමණ තිබියදීයි.

එවන් පසුබිමක මීට සති කිහිපයකට පෙර රුපියල් 115 ත් 130 ත් අතර මිලකට පැවති සීනි කිලෝවක මිල අද වන විට රුපියල් 210 ත් 220 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් ඊයේ පෙන්වා දුන්නා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ මේවනවිට වෙළඳපොලේ රුපියල් 200 ට අලෙවි වන්නේ රුපියල් 105 කට ලබාදිය හැකි සීනි බවයි.

කෙසේවෙතත් මෙරට තුළ ඉදිරියේදී සීනි හිගයක් ඇතිවිය හැකි බවත්, මිල අඩු කළ නොහැකි බවත් මේවනවිට රට තුළ සීනි තොග ඇත්තේ සීමාසහිතව බවත් සීනි ආනයනකරුවන් පවසනවා.

(Neth)