රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව ඇමති කියයි
කොරෝනා මර්දනයට අදාලව දේශීය ඖෂධ මංජුසාවක් සෑම නිවසකටම ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ, සෑම නිවසකට ම දේශීය ඖෂධ මංජුසාවක් ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති බවයි.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය සහිත විශේෂඥයින්ගේ නිර්දේශ මත සැකසූ ඖෂධ වට්ටෝරු කිහිපයක් නිවෙස් වෙත ලබාදීම සඳහා කටයුතු කරනු ඇති.
එහි පළමු පියවර ලෙස ඊට අදාළ වාර්තාවක් මුදල් අමාත්‍යංශයට භාර දුන් බව ද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.
(Aruna)