දෙදහා කඩිනමින් බෙදා දෙන බව බලකාය කියයි
රුපියල් 2000 දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කරයි.
ආදායම් අහිමි පුද්ගලයින්ට මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල රුපියල් 2000දීමේ කටයුතු සිදු කරමින් පවතින අතර රුපියල් 2000 දීමනාව ලබා දීම අවසන් කළ ප්‍රදේශවල ජිවත්වන ආදායම් අහිමි වූ නමුත් මෙතෙක් එම දීමනාව නොලැබී ඇත්නම් ඒ පිළිබඳ අභියාචනා ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කළ හැකි බව එම බලකාය පවසයි.
රුපියල් 2000 දීමනාව මෙතෙක් ලබා නොදී ඇති ප්‍රදේශවලට එම මුදල් ලබා දීම කඩිනමින් ක්‍රියාවට නැවීමට පියවර ගෙන ඇති බව එම බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)