Saturday, February 21, 2026
Follow Us
භාණ්ඩ මිල පාලනය කිරීම ලේසි වෙන්නෙ නෑ. ඉදිරියේදීත් තව තව ඉහළ යන්න පුළුවන් - අමරවීර

භාණ්ඩ මිල පාලනය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් ඉදිරියේදීත් තවතවත් භාණ්ඩ මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

"ඇත්තටම භාණ්ඩ මිලේ ඉහළ යෑමක් තියෙනවා, අපි පිළිගන්නවා. අපි ගිය කැබිනට් රැස්වීමේත් මේක දිගටම කතා කළා.

භාණ්ඩ මිල පාලනය කිරීමත් ලේසි වෙන්නෙ නෑ. මේක අපේ රටේ ඇති වෙච්ච තත්වයක් විතරක් නෙවෙයි, ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමක්. රජය විදියට දැන් සීනිවල ගත්තත් සීනිවල බද්ද අඩු කළා. කිරිපිටි බද්ද සම්පූර්ණයෙන්ම නැතිකරලා තියෙන්නෙ. ගෑස්වලට තිබ්බ බද්ද දැන් නැති කරලා තියෙන්නෙ. දැන් රාජ්‍ය ආදායමත් ඉතාම වේගයෙන් පහළ ගිහිල්ලා තියෙනවා ජනතාවට සහන ලබාදෙන්න ගන්න උත්සාහය මත.

නමුත් ඉතිං අපට මේ යතාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉදිරියේදීත් තව තව ඒ වගේ දේවල් වීමේ හැකියාවකුත් තියෙනවා"

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)