Saturday, February 21, 2026
Follow Us
සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට විදෙස්ගතවිය හැකියි - සෞඛ්‍ය අමාත්‍යංශය

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් විදේශගතවීමට නොහැකි තත්ත්වයක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී නොමැති රටකට වුවද අදාළ රටේ නියම කර ඇති ක්‍රියාදාමයටන්ට අනුගතව එම රටට ඇතුල් විය හැකි බවයි.

ස්වීඩනයල හංගේරියාවල කැනඩාවල නෙදර්ලන්තයල ඉරාකයල ජෝර්දානයල මාලදිවයිනල උතුරු කොරියාවල කටාර්ල පාකිස්තානයල ඉන්දුනීසියාව ඇතුලු රටවල් රැසක් සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් විශේෂිත එන්නත් නම් කිරීමක් කර නොමැති අතර ඒ ඒ රටවල නිරෝධායන රෙගුලාසිවලට යටත්ව එම රටවල්වලට ඇතුල් විය හැකි බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

(Neth)