Sunday, February 22, 2026
Follow Us
මෙරටින් සොයාගත් ලොව විශාලතම මැණික මෙම මස අවසානයේ විදෙස් රටකට

මෙරටින් සොයා ගැනුණු ලොව විශාලතම මැණික මෙම මාසය අවසානයේදී විදෙස් රටකට රැගෙන යාමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සූදානම් වනවා.

ඒ, එම අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ අදාළ මැණික සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා එය විදෙස් රටකට රැගෙන යන බවයි.

රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගැනුණු එම මැණික නිල් මැණික් පොකුරක් ලෙස පවතින බවත්, එහි බර කිලෝ 500 කට අධික වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මීට පෙර ප්‍රකාශ කළා.

(Neth)