පෞද්ගලික හෝ රජය අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට රජයේ කිසිම දේශපාලඥයෙක් යෝජනා කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
ඒ, අද (24) කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
''කිසිදු වෙලාවක පුද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කරන්නට රජයේ කිසිං දේශපාලඥයෙක් යෝජනා කරලා නැහැ. ඉල්ලීම් කරලා තියෙනවා. ඒ නිසා කිසිලෙසක බලකිරීමකින් තෙරපුමකින් කිසියම් අරමුදලක් හදන්න කිසිසේත්ම උත්සහ ගන්නේ නැහැ. ඒ සියලු මාධ්‍ය වාර්තා වගකීමෙන් මම ප්‍රතික්ෂේප කරනවා.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
(lnw)