Friday, April 24, 2026
Follow Us
ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත වෙයි

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා. ගොවින්ගේ කාෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

සති අන්තයේදී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා.

(Neth)