Sunday, February 22, 2026
Follow Us
හොරෙන් අරක්කු විකිණුවොත් වෙන දේ

සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන ලෙස ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.

මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇති අතර කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරුන්ට බලය ලබා දී ඇති බව ඔහු පවසයි

හොර රහසේ මත්පැන් විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස කොරෝනා දෙවැනි රැල්ලේදී සියලු මත්පැන් සල්වලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.

(Aruna)