නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා හිමිවන රුපියල් 2000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශි ලේකම් කාර්යාල හරහා සියල්ල සූදානම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
රජය විසින් එම දීමනාව ලබා දීමට නිර්දේශ කර ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය කඩිනමින් සකස් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පසුගියදා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඊට අදාළ නාමලේඛනය මේ වනවිට සකස් කර අවසන් කර තිබේ.
නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සඳහා මුදල් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඊට අදාළ මුදල් යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට එම සහනය ලබාදීමට නියමිතයි.
සියලු ප්‍රාදේශී ලේකම් කාර්යාලවල ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ පූර්ණ කැපවීමෙන් මෙම දීමනාව ලබා දීමට අවශ්‍ය කටයුතු සකසා ඇත.
ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට රජය ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.
(LNW)