Sunday, February 22, 2026
Follow Us
ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව කැබිනට් මණ්ඩලයට

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සමාජික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව තහවුරු කළා.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා ගුරු - විදුහල්පති සංගම් නියෝජිතයින් ද ඉකුත්දා මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණා.

සිය ඉල්ලීම්වලට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

(Neth)