රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
කොරෝනා වසංගතය හමුවේ සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවී ඇති අතර දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ද මේ හේතුවෙන් බාධා එල්ල වීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇති බවයි එම සංගමය පැවසුවේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති හිගයක් නිර්මාණය වීමත් සමග ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ගෑස් ගිගයක් ද ඉකුත් දිනවලදී රට තුළ දක්නට ලැබුණා.
කෙසේවෙතත්, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ හිගයකින් තොරව අද සිට ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කරන බව ගෑස් සමාගම් 02 ම තමන්ට දැනුම් දුන් බවයි.
(Neth)