Sunday, February 22, 2026
Follow Us
ඇදිරිනීතිය දැඩි වෙයි

පොලිසියෙන් ඇඳිරි නීති බලපත්‍ර නෑ


නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුල පොලිස් ස්ථාන මගින් කිසිදු ආකාරයක ඇදිරිනීති බලපත්‍රයක් නිකුත් නොකරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි.

මීට පෙර ලබාගෙන ඇති බලපත්‍ර අලුත් කරගැනීමද එම කාර්යාල මගින් සිදුකරගත හැකි බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

ළගම ඥාතියෙකුගේ අවමංගල්‍යය අවස්ථා වැනි මානුෂීය හේතුන් වෙනුවෙන් නිවෙස්වලින් බැහැරවීමට අවශ්‍යනම් මාර්ග බාධක රාජාකිරියේ යෙදී සිටින නිළධාරින් වෙත දැනුම්දීමෙන් එම අවශ්‍යතාව ඉටුකරගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

(Aruna)