Sunday, February 22, 2026
Follow Us
කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ වෙලදුන්ට දැනුම් දීමක්

කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ හරහා සිය භාණ්ඩ අලෙවි කිරීමට මීට පෙර අවස්ථාවන්වල ලියාපදිංචි වූ වෙලදුන්ට මෙවරද අවස්ථාව ලබා දෙන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එම වෙළදුන්ට ජංගම අලෙවි රථ හරහා වෙළදාම් කිරීමට අවස්ථාව හිමිවන්නේ බලපත්‍රය ලබා ගත් ප්‍රදේශයේ පමණක් බවයි.

මෙවරද වංචනික ක්‍රියා සිදු කරන වෙළදුන් සොයා මෙහෙයුම් දියත් කරන බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)