රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟ වන්නේ
නම් පමණක් බව ඉකුත්දා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.
මේ අතර රට වසා තබන කාලසීමාවේදී තමා ඇතුළුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක් කොවිඩ් මර්දන අරමුදලට කපා හරින්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිීමක් කර තිබුණා.
එම ලිපියෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කර තිබුණේ සෞඛ්‍ය, ආරක්ෂක නිලධාරීන් හැර අනෙකුත් අයගෙන් ද මෙසේ වැටුප් කපා ගැනීමක් සිදු කරන ලෙසයි.
(Neth)