ජීවනෝපාය අහිමි පවුල් සඳහා රජය තීරණය
රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ.
සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර ඇත්තේ
මීට පෙර රට අගුළු දමා ඇති කාල සීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.
(Aruna)