Sunday, February 22, 2026
Follow Us
කොළඹ දුවන අලුත් බස්

ප්‍රවාහන අමාත්‍යාංශයේ වෙනස් වූ තීරණය


ඉන්ධන මගින් ධාවනය වන බස් රථ වෙනුවට විදුලි බස් රථ මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

නගර බස් රථ ව්‍යාපෘතිය සඳහා පත්ල පහත් බස් රථ දෙසීයක් ලබා ගැනීමට කැඳවා ඇති ප්‍රසම්පාදනය වෙනුවට විදුලි බස් රථ ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ විදුලි බස් රථ ධාවනය කර නොමැති නිසා විදුලි බස් රථ විසිපහක් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථාන සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත ආරෝපණ මධ්‍යස්ථාන ඉදි කෙරේ. විදුලි වාහනවල භාවිත කරන බැටරි ඉතා විෂ සහිත බැවින් බැටරි බැහැර කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

(Aruna)