Friday, April 24, 2026
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය අතරේ එළියට බහින්න අවසර හිමිවූ පිරිස

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් උපදෙසක්


රට පුරා ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන කටයුතුවල සහ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතුවල සේවකයන්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ බාධාවකින් තොරව වැඩබිමට වාර්තාකළ හැකි බව මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කළා.

ඇඳිරි නීතිය රටේ සංවර්ධනයට බාධාවක් කර නොගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් බාධාවකින් තොරව මාර්ග සංවර්ධන සේවකයන්ට වැඩබිමට වාර්තා කළ හැකි බවත් එම නිලධාරියා කියා සිටියා.

(Aruna)