Sunday, February 22, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියෙන් පසුව විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීම තහනම්

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වනවා. කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව නිවසක හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමි වනවා.

ඒ සදහා මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්‍ෂිකරුවන් දෙදෙනාට සහභාගිවීමට හැකියාව පවතින බව පොලීසිය සදහන් කළා. ඒ හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට ඊට සහභාගිවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

මේ අතර ඊයේ රාත්‍රී දහයේ සිට අද අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ අතර එය දිනපතාම එම කාලසීමාවේදී ක්‍රියාත්මක වනවා. සියළු මහජන ඒකරාශිවීම්ද නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමටයි ඉකුත්දා රජය තීරණය කළේ.

(Neth)