Sunday, February 22, 2026
Follow Us
සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කෙරෙන ගැසට් නිවේදනය අද

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් අද දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ. අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු මාර්ගෝපදේශ උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙණු ඇති.

මේ අතර මුඛ ආවරණ නොපැළද පොදු ස්ථානවල සැරිසරන පුද්ගලයන් අද දිනයේ සිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

(Neth)