Sunday, February 22, 2026
Follow Us
වයස 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත

එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ගැන අගමැති කියයි


වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම්කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) පැවසීය.

දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය හම්බන්තොට රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය අගමැතිවරයා ඊට එක්වී සිටියේය.

ළමයින්ට එන්නත් ලබාදීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.

(Aruna)