Sunday, February 22, 2026
Follow Us
රට ලොක්ඩවුන් කරන්න සුදානම්

වෛද්‍යවරු නිර්දේශය මත ක්‍රියාතමක කරන්න සැරසෙන රජය


රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවය.

ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.

“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”
මේ අතර කොවිඩ් වසංගතය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)